වායු සමන සහ ශීතකරණ යන්ත්‍රයක ප්‍රධාන කොටස් සහ ඒවයේ කාර්‍යයන්

වායු සමන හෝ ශීතකරණ යන්තරයක ඇති ශීතන ක්‍රියාවලිය සම්පූරන වීමට එම උපකරන වල ඇති ප්‍රධාන උපාංග කිහිපයකි.ඒවා නම්,

1- Compressor (සම්පීඩකය)
2 - Condensor (ඝනීභාවනය)
3 - metering device (මානන උපක්‍රම ය)
4 - eveporator (වාශිපීකාරකය)

මෙම උපාංග කිහිපය එකතු වී සිදු වන ශීතකරන ක්‍රියාවලියට සිදු වන ආකාරය.

1 - Compressor (සම්පීඩකය )
       Eveporator මගින් ලබා ගන්නා අඩු පීඩන අඩු උෂ්නත්ව ශීතකාරක වාශ්පය වැඩි පීඩන වැඩි උෂ්නත්ව ශීතකරන වාෂ්පයක් බවට පත් කර Condensor වෙතට ලබා දීම මෙම සම්පීඩකය මගින් සිදු කරයි.
මෙහි ඇත්තේ suction accumulate එකක් සහිත සම්පීඩකයකි.එම suction accumulate මගින් සිදු වන්නේ evaporater මගින් එන ශීතකාරක වාෂ්පයේ යම් හෙයකින් සම්පීඩකයට ද්‍රව පැමිනිය හොත් එම ද්‍රව සම්පීඩකයට පැමිනීමෙන් වලක්වා ගැනීමට මෙම උපකරනය යොදා ඇත.

2 - Condensor
      මෙම Condensor ය මගින් සිදු කරන කාර්‍යය නම් Compressor මගින් නිකුත් කරන වැඩි පීඩන වැඩි උෂ්නත්ව ශීතකාරක වාෂ්පය වැඩි පීඩන සාමාන්‍ය උෂ්නත්ව සංතෘප්ත ද්‍රවයක් බවට පත් වී metering device  වෙතට ලබා දේ.


3- Metering Device 

මෙම මානන උපාංගය මගින් මෙහිදී සිදු වන්නේ Condensor මගින් ලබා දෙන වැඩි පීඩන සාමාන්‍ය උෂ්නත්ව ශීතකාරක ද්‍රව මිශ්‍ර වාෂ්පය අඩු පීඩන අඩු උෂ්නත්ව ශීතකාර ද්‍රව මිශ්‍ර වාශ්පයක් (Flash Gas) බවට වත් වී වාශිපීකාරකය වෙතට ලබා දේ.

4 - Evaporater ( වාශිපීකාරකය )

     මානන උපාංගය මගින් ලබා දෙන අඩු පීඩන අඩු උෂ්නත්ව ද්‍රව මිශ්‍ර වාශ්පය අඩු පීඩන අඩු උශ්නත්ව ශීතකාරක වාශ්පයක් බවට පත් වී නැවතත් සම්පීඩකය වෙතට ගමන් කරමින් මෙම ක්‍රියාවලිය නොනවත්වා සිදු කිරීමෙන් ශීතන කාර්‍යය ඉටු කරයි.



Comments

Post a Comment

Popular posts from this blog

වායු සමන යන්ත අමතර කොටස් ( Over Load / Capacitor / Sensor )

වායු සමන යන්ත්‍ර Air Condition