Posts

Showing posts from May, 2019

වායු සමන සහ ශීතකරණ යන්ත්‍රයක ප්‍රධාන කොටස් සහ ඒවයේ කාර්‍යයන්

Image
වායු සමන හෝ ශීතකරණ යන්තරයක ඇති ශීතන ක්‍රියාවලිය සම්පූරන වීමට එම උපකරන වල ඇති ප්‍රධාන උපාංග කිහිපයකි.ඒවා නම්, 1- Compressor (සම්පීඩකය) 2 - Condensor (ඝනීභාවනය) 3 - metering device (මානන උපක්‍රම ය) 4 - eveporator (වාශිපීකාරකය) මෙම උපාංග කිහිපය එකතු වී සිදු වන ශීතකරන ක්‍රියාවලියට සිදු වන ආකාරය. 1 - Compressor (සම්පීඩකය )        Eveporator මගින් ලබා ගන්නා අඩු පීඩන අඩු උෂ්නත්ව ශීතකාරක වාශ්පය වැඩි පීඩන වැඩි උෂ්නත්ව ශීතකරන වාෂ්පයක් බවට පත් කර Condensor වෙතට ලබා දීම මෙම සම්පීඩකය මගින් සිදු කරයි. මෙහි ඇත්තේ suction accumulate එකක් සහිත සම්පීඩකයකි.එම suction accumulate මගින් සිදු වන්නේ evaporater මගින් එන ශීතකාරක වාෂ්පයේ යම් හෙයකින් සම්පීඩකයට ද්‍රව පැමිනිය හොත් එම ද්‍රව සම්පීඩකයට පැමිනීමෙන් වලක්වා ගැනීමට මෙම උපකරනය යොදා ඇත. 2 - Condensor       මෙම Condensor ය මගින් සිදු කරන කාර්‍යය නම් Compressor මගින් නිකුත් කරන වැඩි පීඩන වැඩි උෂ්නත්ව ශීතකාරක වාෂ්පය වැඩි පීඩන සාමාන්‍ය උෂ්නත්ව සංතෘප්ත ද්‍රවයක් බවට පත් වී metering device  වෙතට ලබා දේ. 3- Metering Device  මෙම මානන උපාංගය

වායු සමන යන්ත්‍ර Air Condition

Image
පරිසරයේ ඇති උෂ්ණත්වය,ආර්ද්‍රතාවය,පිරිසිදුතාවය යන භෞතික රාශීන් පාලනය කර මිනිසාට වඩාත් සුදුසු එසේම කර්මාන්තයයන්ට අවශ්‍යය පරිදි යොදා ගැනීම වායු සමනය කිරිම යනුවෙන් හදුන්වනු ලැබේ. ප්‍රධාන වශයෙන් Human Comport Air condition සහ Industrial Air condition යනුවෙන් කොටස් කර ඇත.මිනිසාගේ සුව පහසුව සදහා භාවිතා කරනු ලබන වායු සමන යන්ත්‍ර Human Comport Air condition system ලෙසත් කර්මාන්ත අවශ්‍යයතාවය සදහා භාවිතයට ගන්නා වායු සමන පද්ධති Industrial Air condition system ලෙසත් හදුන්වනු ලබයි. මේ අතරින් මිනිසාට සුව පහසුව සදහා භාවිතා වන්නේ, 1 -Window Type Air Condition  (ජනේල වර්ගයේ ) මනුස්ස සැප පහසුව සදහා ඇති වායු සමන යන්ත්‍ර අතුරින් ඉතා සරල හා කුඩා වර්ගයේ ඒකකයකි. මෙහි මූලික ශීතකාරක චක්‍රයට අයත් Compressor / Condensor / mitering device / Evoporator යන කොටස් වලින් සමන්විත වේ.මේවාද Split Type Air Condition යන්ත්‍ර වල වාගේම විවිධ BTU වලින් මිලදී ගත හැක. Split Type Air Condition යන්ත්‍රයක් සමග මෙහි ඇති ප්‍රධානතම වෙනස් කම වන්නේ Compressor / Condensor / mitering device / Evoporator යන සියළු කොටස් එකම යන්