වායු සමන යන්ත්‍ර Air Condition

පරිසරයේ ඇති උෂ්ණත්වය,ආර්ද්‍රතාවය,පිරිසිදුතාවය යන භෞතික රාශීන් පාලනය කර මිනිසාට වඩාත් සුදුසු එසේම කර්මාන්තයයන්ට අවශ්‍යය පරිදි යොදා ගැනීම වායු සමනය කිරිම යනුවෙන් හදුන්වනු ලැබේ. ප්‍රධාන වශයෙන් Human Comport Air condition සහ Industrial Air condition යනුවෙන් කොටස් කර ඇත.මිනිසාගේ සුව පහසුව සදහා භාවිතා කරනු ලබන වායු සමන යන්ත්‍ර Human Comport Air condition system ලෙසත් කර්මාන්ත අවශ්‍යයතාවය සදහා භාවිතයට ගන්නා වායු සමන පද්ධති Industrial Air condition system ලෙසත් හදුන්වනු ලබයි.

මේ අතරින් මිනිසාට සුව පහසුව සදහා භාවිතා වන්නේ,

1 -Window Type Air Condition  (ජනේල වර්ගයේ )


මනුස්ස සැප පහසුව සදහා ඇති වායු සමන යන්ත්‍ර අතුරින් ඉතා සරල හා කුඩා වර්ගයේ ඒකකයකි. මෙහි මූලික ශීතකාරක චක්‍රයට අයත් Compressor / Condensor / mitering device / Evoporator යන කොටස් වලින් සමන්විත වේ.මේවාද Split Type Air Condition යන්ත්‍ර වල වාගේම විවිධ BTU වලින් මිලදී ගත හැක.
Split Type Air Condition යන්ත්‍රයක් සමග මෙහි ඇති ප්‍රධානතම වෙනස් කම වන්නේ Compressor / Condensor / mitering device / Evoporator යන සියළු කොටස් එකම යන්ත්‍රයක් තුල පිහිටා නොතිබීමයි.


තවද මෙහි Blower Fan එකට සහ Condenser Fan එකට ඇත්තේ එක මෝටරයක් පමණි.ඊට අමතරව මෙහිදී මෝටරයේ වේගය පාලනය කර ගැනීම සදහා Selector Switch එකක් හා Thermostat Switch සම්බන්ද කර ඇත

2- Split Type Air Condition  (දෙකඩ වර්ගයේ)

මෙම යන්ත්‍ර Indoor සහ Outdoor වශයෙන් වෙන් වෙන්ව පවතින කොටස් දෙදකට නිපදවා ඇත.ජනෙල් වර්ගයේ වායු සමන යන්ත්‍ර වල අපහසු තා මග හරවා ගනිමින් මෙම යන්ත්‍රය නිපදවා ඇත. එනම් ජනෙල් වර්ගයේ යන්ත්‍ර තරමක් විශාල ධාරිතා සදහා නිර්මානය කිරීමේදී එහි බර වැඩ් වීම අදික ශබ්දය සවි කිරීමට අදික ලෙස බිත්ති කැඩීම හෝ ජනෙල් ආවරනය වීම වැනි අපහසුතා මෙම යන්ත්‍රයේ ඇති නොවේ.

මෙම වර්ගයේ යන්ත්‍ර වල Evaporator සහ Blower ය අඩංගු කොටස Indoor Unit ලෙස හැදින්වේ.මීට අමතරව අළුත් යන්ත්‍ර වල Mitering Device එකද මෙම Indoor Unit එකේම ස්ථාපනය කර ඇත.

Compressor / Condenser හා Condenser Fan වැනි කොටස් Outdoor Unit ලෙස හැදින්වේ.සමාන්‍යෙයන් පරන යන්ත්‍ර වල metering Device එකද මෙම යන්ත්‍රය තුලම ස්ථාපනය කර ඇත.  


අවකාශයට සවි කිරීමට පහසු ලෙස තොරා ගත හැකි පරිදි ආකාර කිහිපයකට නිපදවා තිබෙනු දැකිය හැක.ඒවා ප්‍රධාන වර්ග කිහිපය කි.


1 - Wall Mount (බිත්තිය මත සවි වන)


2 - Celing Mount (සිවිලිමේ එල්ලන)



3 - Floor Mount ( බිම සවි කරන)


4 - Casset Type (සිවිලිමේ මත)



මෙම වර්ග 4ද තවත් වර්ග දෙකකට බෙදා වෙන කර ඇත..

1 - ඇතුලත යන්ත්‍ර එකක් හා පිටත යන්ත්‍ර එකක් ( Singel Split )



2 - ඇතුලත යන්ත්‍ර කිහිපයක් හා පිටත යන්ත්‍ර එකක් (Multi Split )



Comments

Popular posts from this blog

වායු සමන සහ ශීතකරණ යන්ත්‍රයක ප්‍රධාන කොටස් සහ ඒවයේ කාර්‍යයන්

වායු සමන යන්ත අමතර කොටස් ( Over Load / Capacitor / Sensor )