ස්ථානයට ගැලපෙන ආකාරයට වායු සමන යන්ත්‍රයක් තෝර ගන්නේ කොහොමද??
හායි යාලුවනේ මම කලින් සටහන් වලදි ඔයාලට පැහැදිලි කරලා දුන්න වායු සමන යන්ත්‍රයක් කියන්නෙ මොකක්ද කියල.අපු අද බලමු ඒ වායු සමන යන්ත්‍රයක් අපේ ගෙදරට නැත්නම් කාර්‍යාලයට සවි කිරීමට ප්‍රථමයෙන් එම ස්ථානයට සුදුසු වායු සමන යන්ත්‍රයක් තෝර ගන්නේ කොහොමද කියලා. ඇත්තටම මොකක්ද මේ ඒ ස්ථානයට ගැලපෙන එකක් තෝර ගන්නවා කියල අදහස් කරන්නෙ?? ස්ථානයට ගැලපෙන එකක් කියලා අදහස් කරන්නේ මම ඔයාලට කලින් සටහනක පැහැදිලි කරා වායු සමන වර්ග දෙකක් ගැන.ඒ කර්මාන්තශාලා සහ කාමර කියලා වර්ග තීනව කියලා. ඉතින් අන්න ඒ වර්ග දෙකෙන් එකක් අපි ඉස්සෙල්ලම තෝර ගන්න ඕන.ඒ කියන්නේ ඔයා මෙම වායු සමන යන්ත්‍රය හරහා සිසිල් කර ගැනීමට බලාපොරොත්තු වන අවකාශයේ ප්‍රමාණය තීරනය කරන්න ඕන. ඔයා ඔයාගේ ගෙදර කාමරය නැත්නම් මුලු ගෙදරම උනත් සිසිල් කර ගන්න නම් ඔයා ගන්න ඕන Split Type හරි Window Type එකක්. අපිට බලන්න තීන ඊලග කරුන තමයි මේ වර්ග දෙනෙක් මොකක් උනත් කාමරයේ තීන තාප ප්‍රමානය කොච්චරද කියලා.(කාමරයක තාප දාරිතාවය ගනනය කරන විදිය ඉදිරි සටහනකදි ගේනම්.මොකද ටිකක් වෙනම විස්‍තර කරන්න ඕන) ඊලගට අපි බලන්න ඕන අපි තෝර ගත්තු යන්ත්‍රයට හරියන විදුලි සැපයුමක් එම නිවසු තුල තීන...