මූලික විදුලිය ( Basic Electracity )

මූලික විදුලිය ( Basic Electracity )

යම් කිසි මූග ද්‍රව්‍යයක් එම මූල ද්‍රව්‍ය යෙහි ගුනාංග වෙනස් නාවන ලෙස බෙදිය හැකි කුඩාම ඒකකය පරමානුව වේ..
පරමානුව තව දුරටත් කුඩා කොටස් වලට බෙදිය හැකි නමුත් එවිට එම මූල ද්‍රව්‍ය සතු ගුණාංග රැදී නොපවති.
පරමානුව මධ්‍යෙයහි න්‍යෂ්ඨිය පිහිටා ඇති අතර එහි (+) ධන ආරෝපිත ප්‍රෝටෝන සහ උදාසීන නියුට්‍රෝන වේ.
න්‍යෂඨිය වටා පිහිටි කවච වල න්‍යෂ්ඨියේ ආකර්ශනය සහිත (-) ඝ්‍රන ආරෝපිත ඉලෙක්ට්‍රෝන පවති.



1  - ආරෝපිත      ඉලෙක්ට්‍රෝන
2  උදාසීන නියුට්‍රෝන
3  ධන ආරෝපිත ඉලෙක්ට්‍රෝන
4  න්යෂ්ටිය
5  ගමන් ගණ්ණා මාර්ගය



සන්නායක ( conductor )

නිදහස් ඉලෙක්ට්‍රෝන සහිත පරමානු වලින් සැදුම් ලත් මූල ද්‍රව්‍ය සන්නායක නමින් හැදින්වේ.
නිදහස් ඉලෙක්ට්‍රෝන ලෙස හදුන්වනු ලබන්නේ න්‍යෂ්ඨියේ ආකර්ෂණය ඉතා අඩු කවච වල බොහෝ විට තනි වශයෙන් හැසිරන (-) ඝ්‍රණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන වේ.
ඉලෙක්ට්‍රෝන නිදහස් කිරීමට සුදානම්න් සිටින පරමානු ඇත්නම් ඒවාද සන්නායක වේ.


මෙහි දැක්වෙනුයේ තඹ මූල ද්‍රව්‍යෙය් පරමානුව වේ. එහි දැක්වෙන ආකාරයට ක්‍රමාංකය 2 / 7 / 18 / 1 වශයෙන් වේ. අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන එකක් පමනක් න්‍යෂ්ඨියේ ආකර්ෂණය ඉතා අඩු මට්ටමක ගමන් කරමින් පවතී. මෙය මෙම පරමානුවේ නිදහස් ඉලෙක්ට්‍රෝනය වේ.  මෙම පරමානුව ස්ථාවර තත්වයට පත් වීම සදහා නිදහස් ඉලෙක්ට්‍රෝනයට ගිලිහී යාමට අවස්ථාව ලබා දේ. එවිට මෙම නිදහස් ඉලෙක්ට්‍රෝනය වෙනත් පරමානුවක ඉලෙක්ට්‍රෝන අව්‍යශතාවයක් සපුරාලීම සදහා ගමන් කරනු ලැබේ.

පරිවාරක ( Insulator )

පරිවාරක ලෙස හදුන්වනු ලබන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන නොමැති පරමානු වලින් සැදුම් ලත් මූල ද්‍රව්‍යයක් පවතින්නේ නම් ඒවා පරිවාරක මාධ්‍යය වේ.
හොද පරිවාරක මාධ්‍යයකට උදාහරණය ලෙස රබර් / ග්ලාස් / සෙරමික් වැනි ද්‍රව්‍යය හැදින්විය හැකිය.
ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට බලා සිටින්නේ නම් එයද පරමානුවකි.

විද්‍යුතය ආශ්‍රත මූලික රාශි.
වෝල්ටීයතාවය / විභව අන්තරය ( Voltage )
ධාරාව ( Current )
ප්‍රතිරෝධය ( Resistance )
විද්‍යුත් ජවය ( Electric Power )



වෝල්ටීයතාවය / විභව අන්තරය ( Voltage )



සන්නායකයක ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන සංවිධානය වී එක් දිශාවකට ගලා යාම සදහා සංනායකයේ දෙකෙලවරට ලබා දිය යුතු විද්‍යුත් පීඩන වෙනස වෝල්ටීයතාව නම් වේ. වෝල්ටීයතාව මනිනු ලබන්නේ වෝල්ට් වලින් අතර ( v ) අක්ෂරය සංකේතවත් කෙරේ.මෙය සොයා ගනු ලැබුවේ 1745 සිට 1827 දක්වා ජිවත් වු ඉතාලි ජාතික ඇලෙක්සැන්ඩ්‍රෝ වෝල්ටා නම් විද්‍යඥයා විසිනි. ඔහුට ගෞරවයක් ලෙස වෝල්ටීයතාව මැනීම සදහා වෝල්ට් ( v ) සංකේතය භාවිතා කරනු ලබයි.



ධරාව ( Current)


සංනායකයක් තුල පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන සංවිධානය වී එක් දිශාවකට ගලා යාම ධාරාව නම් වේ. මෙම ධාරාව සොයා ගනු ලැබුවේ 1775 සිට 1836 දක්වා ජිවත් වු ප්‍රංශ ජාතික ඇන්ඩ්‍රෝ මාරි ඇම්පියර් නම් විද්‍යඥයා විසිනි. ඔහුට ගෞරවයක් වශයෙන් ධාරාව මනිනු ලබන ඒකකය ඇම්පියර් ලෙස නම් කර ඇති අතර ( ) මගින් සංකේතවත් කෙරේ.


ප්‍රතිරෝධය ( Resistance )



සන්නායකයක් හෝ පරිපතයක් තුලින් ධාරාවක් ගලා ගෙන යාම සදහා ඇති කරනු ලබන බධාව ප්‍රතිරෝධය නම් වේ. මෙම ප්‍රතිරෝධය විදුලි සම්ප්‍රේශනයේදි ගැටළු කාරි තත්වයක් වුවද බොහෝ විදුලි පරිපත සදහා ගලා යන ධාරාව පාලනය කිරීමට යොදා ගනු ලැබේ. මෙම ප්‍රතිරෝධය සොයා ගනු ලැබු යේ 1789 සිට 1854 දක්වා ජිවත් වු ජර්මන් ජාතික විද්‍යඥයකු වන ජෝර්ජ සයිමන් ඕම් ය. ඔහුට ගෞරවයක් ලෙස ප්‍රතිරෝධය මනිනු ලබන ඒකකය ( oms / Ω ) ලෙස යොදා ගනු ලැබේ.


විද්‍යුත් ජවය

විද්‍යුත් ජවය ලෙස හදුන්වනු ලබන්නේ විදුලි සැපයුමක් උපයෝගි කර ගනිමින් සිදු කල හැකි කාර්යය ප්‍රමානය වේ. එසේත් නොමැති නම් විදුලි සැපයුමක් උපයෝගි කර ගනිමින් කාර්යය කිරීමේ සිග්‍රතාව නැතහොත් ශ්‍රමතාවය වේ.
විද්‍යුත් ජවය ජෝර්ජ වොට් නම් විද්‍යාඥයෙකු සොයා ගත් නිසා ඔහුට ‍ගෞරවයක් ලෙස ජවය මනිනු ලබන ඒකකය වොට් ලෙසින් බාවිතා කරනු ලබන අතර මෙය ( v ) මගින් සංකේතවත් කෙරේ.
වෝල්ටීය තාවයේ ප්‍රභේද

30 v අඩු
අතිශය අවබල වෝල්ටීයතාවය

30 v – 250 v
අවබල වෝල්ටීයතාවය

250 v – 650 v
මධ්‍යබල වෝල්ටීයතාවය

650 v – 33,000 v
අදිබල වෝල්ටීයතාවය

33,000 v වැඩි
අතිශය අදිබල වෝල්ටීයතාවය

වෝල්ටීයතා ජනනය කිරීමේ ක්‍රම ( Methord of voltage Genaration )

රසායනික ප්‍රතික්‍රියා (Camical Reaction )
තනුක සල්ෆුරික් අම්ල භාජනයකට තඹ සහ තුත්තනාගම් ලෝහ පතුරැ 02 ක් දමන්නේ නම් එහි සිදුවන රසායනික ප්‍රතික්‍රියාව හේතු කොට ගෙන තඹ තහඩුව ධන ලෙසත් තුත්තනාගම් තහඩුව ඝ්‍රණ ලෙසත් ආරෝපනය වේ.
මෙම පරීක්ෂනයේදි තඹ හා තුත්තනාගම් තහඩු අතර වෝල්ටීයතාවයක් උත්පාදනය වන්නේද යන්න පරීක්ෂා  කිරීම සදහා තඹ හා තුත්තනාගම් තහඩු වලට සමාන්තරගතව වෝල්ට් මීටරයක් සම්බන්ද කල හැක.
මෙම ප්‍රතික්‍රියාව මූලාශ්‍ර කර ගනිමින් තැනින් තැන රැගෙන ගොස් පහසුවෙන් භාවිථා කල හැකි වියලි කොෂ නිර්මානය කර ඇත. මෙම ප්‍රතික්‍රියාව මගින් උත්පාදනය කර ගත හැකි වන්නේ සරල ධාරා වෝල්ටීයතාවයකි.


පේරන ප්‍රතික්‍රියා
මීටරය තුලින් ධාරාව එක් දිශාවකට ගමන් කරනු ලබන අතර චුම්භකය චලනය කරන දිශාව ප්‍රතිවිරැද්ද වු විට ධාරාව ගමන් කරන දිශාවද ප්‍රතිවිරැද්ද වන බව මේ තුලින් පෙන්නුම් කෙරේ. මෙම ක්‍රමය මගින් ලබා ගත හැකි වන්නේ ප්‍රත්‍යාවර්ථ ධාරා වෝල්ටීයතාවයකි. මෙම මූලධර්මය උපයෝගී කර ගනිමින් බයිසිකල් ඩයිනමෝ සහ විදුලි ජනක යන්ත්‍ර නිෂ්පාදනය කර ඇත.

තාප ප්‍රතික්‍රියා
එකිනෙකට වෙනස් ලෝහ කම්භි 02 ක් රෑප සටහනේ ආකාරයට එක් කෙලවරක් එකට සම්බන්ධ කර එම එම කෙලවරට තාපය ලබා දීමේදී ඉතිරි කෙලවරෙන් වෝල්ටීයතාවය උත්පාදනය වේ. මෙම සම්බන්ධතාවය තාප ලෝහ යුග්ම ( Thermo Couple ) ලෙස හැදින්වේ. තඹ සහ තුත්තනාගම් ලෝහ යුග්මයක් සැලසු විට එහි සම්බන්දිත දෙකෙලවරට තාපය ලබා දීමේදී තඹ පරමානු වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් වී තුත්තනාගම් තහඩුව වෙත ගමන් කරනු ලැබේ. මෙහිදී තඹ ලෝහයේ ඉලෙක්ට්‍රෝන ඉවත්වීම නිසා තඹ පරමානුව ධන ලෙසද තුත්තනාගම් තහඩුව ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම නිසා ඝ්‍රන (-) ලෙසද ආරෝපනය වේ. මෙම තාප ලෝහ යුග්ම ක්‍රියාවලිය මගින් ලබා ගත හැකි වන්නේ සරල ධරා ( DC ) වෝල්ටීයතාවයකි. මෙම තාප ලෝහ යුග්ම විශාල උෂ්නත්ව මැනීම සදහා යෙදා ගනු ලැබේ.
ආලෝක ප්‍රතික්‍රියා
යකඩ කොටස මත පාරදෘෂ්‍යය පටලයක් තබා ඒ මත සෙනලියම් මිශ්‍ර ලෝහයක් තබා සකස් කර ඇති ඉහත රෑප සටහනේ දැක්වෙන ප්‍රකාශ කෝෂය අර්ධ පාරදෘෂ්‍යය පටලය මතට ආලෝකය වැටීමට සැලැස්වීමෙන් එහි ඇති වන ප්‍රතික්‍රියාව හේතුකොට ගෙන යකඩ කොටස  ( - ) ලෙස ආරෝපනය වන අතර සෙලනියම් මිශ්‍ර ලෝහ කොටස  (+ ) ලෙස ආරෝපනය වේ.  මෙමගින් ලබා ගත හැකි වන්නේ සරල ධාරා වෝල්ටීයතාවයකි .  අර්ධ පාරදෘෂ්‍යය පටලයට ලැබෙන ආලෝකයේ තිවෘරතාවය අනුව ලැබෙන වෝල්ටීයතාව වෙනස් වේ. ප්‍රකාශ‍ කෝෂයේ පාරදෘෂ්‍යය පටලය මතට ඒකාකාරි වු ආලෝක කදම්භයක් වැටීමට සැලැස්වු විට ඒකාකාර සරල ධාරා වෝල්ටීයතාවක් ලබා ගත හැකිය.

Comments

Popular posts from this blog

වායු සමන සහ ශීතකරණ යන්ත්‍රයක ප්‍රධාන කොටස් සහ ඒවයේ කාර්‍යයන්

වායු සමන යන්ත අමතර කොටස් ( Over Load / Capacitor / Sensor )

වායු සමන යන්ත්‍ර Air Condition