ශීතකාරක වල ඇති අහිතකර තත්වයක් හා ඊට ගත හැකි පිලියම්.
මම කලින් සටහනෙන් කියපු ආකාරයට ශීතකාරකය කියන්නේ විෂ සහිත දෙයක් කිව්වට එයට හේතුවක් ඒ සදහා ඇති පිලියම කියන්න උනේ නෑ.අපි අද එතනින් පටන් ගමු.මෙන්න කලින් සටහන කියවපු නැති අය ඒකත් බලන්න.(https://hemadeemagana.blogspot.com/2019/06/blog-post.html?m=1)
අහිතකර ශීතකාරක වර්ග කියල ඇත්තටම කිව්වට අපිට අපේ ඇගේ ශීතකාරක ටිකක තැවරුනාට ඒකේන් කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන් නෑ.ශීතකාරක ශරීරයක තැවරුනොත් වෙන්න පුලුවන් එකම දේ තමයි එම ශීතකාරකයේ ඇති අදික සිසිලස නිසා එම තැවරුනු ස්ථානය දිය බිබුලක් වැනි දෙයක් හට ගැනිම පමනයි.ඒකත් ශීතකාරක නියමිත පීඩනයකින් අදික ප්‍රමානයක් ශරීරයේ තැවරුනොත් පමනයි.
ඇත්තටම එතකොට මොකක්ද මේ විෂ සහිත ශීතකාරක කියන්නේ, අපිට අපේ ශරීරයට ශීතකාරක විෂ සහිත වෙන්නේ කෙලින්ම නෙවෙයි වක්රා කාර ආකාරයට.ඒ කියන්නේ මේ කියන විශ සහිත ශීතකාරක සතු යන්ත්‍රයක් අලුත්වැඩියා කරන අවස්ථාවකදී මම ශීතකාරක අප පරිසරයට මුදා හල විට එම ශීතකාරක මෙම වයු ගෝලයට එක් වී සුර්යාගේ සිට පැමිනෙනන අහිතකර කිරන වලින් අපව ආරක්ශා කරන ඕසෝන් ස්ථරයට හානි කරයි.
ඕසෝන් ස්ථරය කියන දේ තිබීමේ වැදගත් කම අමුතුවෙන් කියන්න දෙයක් නෑ.සාමාන්‍යයෙන් හැමෝම දන්නවනේ.
ඉතින් දැන් වායු සමන නැත්නම් ශීතකරන යන්ත්‍ර අලුත් වැඩියා කරන අය කොහොමද මේ ගෑස් නැත්නම් ශීතකාරක පරිසරයට මුදා හරින් නැතුව තමන්ගේ එම නඩත්තු කටයුත්ත කර ගන්නේ.එහෙම කරන්න පුලුවන්ද??ඔව් පුලුවන්.දැනටමත් වැඩි පිරිසක් ඒ සදහා යොමු වෙලත් තීනව.
මේක ගොඩක් දෙනෙක් දන්න දෙයක් ඒත් නොදන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා.ශීතකාරක ඇති යන්ත්‍ර අලුත්වැඩියාවේදී එම යන්ත්‍ර වල ඇති ශීතකාරක පරිසරයට මූද හරින් නැතුව නැවතත් එම ශීතකාරක භාවිතයට ගැනීමට දැන් යන්ත්‍ර හදුන්වා දී තිබෙනවා.Replace සහ Reclaim කියලා යන්ත්‍ර දෙකක්.මම යන්ත්‍ර එක එක නම් වලින් භාවිතා කරනවා.
කොහොම උනත් කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඕසෝන් ස්ථරයට මොනව උන්නම මට මොකද ඉන්නකන් හම්බකරගෙන මැරිල ගියාම ඉවරනේකියලා.එත් එහෙම හිතුවත් මේකෙ ඒ අයටත් වැදගත් කමක් තීනවා ඒක නම් යන්ත්‍රයක් අලුත්වැඩියාවකදී ශීතකාරක ටික ඉවත් නොකර එම යන්ත්රයේම ඇති ශීතකාරක නැවතත් අලුත්වැඩියා වෙන් පසු ඇතුලත් කරොත් මුදල් අතින් උනත් ලොකු වාසියක් තීනවා.
ඉතින් මේ ගැන නොදන්න අය ටිකක් මේ ගැන හොයල බලල මේකට උනන්දු වෙන්න.මේක ලොකු සේවයක්.එහ්මත් නැත්නම් අපි අපිටම කර ගන්න ඉතුරුවක්.
Not cool
ReplyDeleteදන්න අයට වැඩක් නැති උනාට අලුතින් ඉගන ගන්න අයට වැදගත් වෙනවා
Delete